May 12, 2024

මවු සෙනෙහස අහිමි 12 හැවිරිදි දියණියව පියා අඹු-සැමි ඇසුරට ගෙන

මවු සෙනෙහස අහිමිවී ගිය සිය 12 හැවිරිදි දියණිය සමඟ වසර 1 1/2 කාලයක්‌ තිස්‌සේ අඹු -සැමි සබඳතා පැවැත්වූ, පරගස්‌තොට ලියනගොඩ ප්‍රදේශයේ පදිංචි තිස්‌අට හැවිරිදි දෙදරු පියෙකු ඊයේ (21 දා) සැකපිට අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය සඳහන් කරයි.

වෘත්තියෙන් වඩු කාර්මිකයකු වන මොහු, අධික ලෙස මත්පැන් පානයට ලොල්වූ අයකුබවත්, දිනපතා බීමත්ව පැමිණ සිදුකරනු ලබන හිරිහැර විඳදරාගත නොහැකි වූ ඔහුගේබිරිඳ මීට වසර අටකට ඉහතදී දරු දෙදෙනාද හැරදමා වෙනත් අයකු සමඟ ඈත පළාතකට ගොස්‌ ජීවත්වන බවත් පොලිසියට අනාවරණය වී තිබේ.

වයස අවු. 4 දී මවු සෙනෙහස අහිමිවූ දැරිය සිය වැඩිමහල් සහෝදරයා සහ පියා සමඟ නිවසේ ගතකර ඇති අතර, ඉවුම් - පිහුම් ඇතුළු නිවසේ සියලු කාර්යන් ඉටුකර ඇත්තේද මෙම දරු දෙදෙනාය. කාලයක්‌ තිස්‌සේ මෙසේ සිදුවූ වධ වේදනා ඉවසා දරාගත නොහැකිවූ දැරිය සිය සහෝදරයා සමඟ මිත්තණියගේ නිවසට ගොස්‌ ඇයද කැටුව පොලිසියට පැමිණ සියලු විස්‌තර පොලිසිය හමුවේ හෙළිකර තිබේ.

Rate this item
(3 votes)
Last modified on Saturday, 23 August 2014 10:49