May 11, 2024

TNA අද ජයලලිතා සමඟ සාකච්ඡා

ශ්‍රීලංකාවේ කටයුතුවලට තමිල්නාඩුව මැදිහත් කර ගැනීමේ අරමුණින් මෙරට ද්‍රවිඩ සන්ධානනියෝජිත කණ්‌ඩායම අද (23දා) තමිල්නාඩු මහ ඇමැති ජයලලිතා හමුවී සාකච්ඡාපවත්වන බව සඳහන් වෙයි .

මෙම ද්‍රවිඩ සන්ධාන කණ්‌ඩායම ඊයේ (22දා) ඉන්දීය ආරක්‌ෂක උපදේශක අජිත්ඩෙවොලා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.ද්‍රවිඩ සන්ධානය හා නවදිල්ලි බලධාරීන් අතර පැවැති සාකච්ඡාවලදී පොලිස්‌ බලතලලබාදෙන ලෙස ඉල්ලා ඇතත් එම බලතල ලබාදීමේ සුදුසු තත්ත්වයක්‌ නොපවතින බවඉන්දීය බලධාරීන් දන්වා ඇත.

පොලිස්‌ බලතල ලබා නොදෙන බව ශ්‍රී ලංකා රජය දැනටමත් ඉන්දීය රජයට දන්වා තිබේ.ද්‍රවිඩ සන්ධානය නව දිල්ලි බලධාරීන් වෙත යොමු කර ඇති තවත් කරුණක්‌ නම්උතුරින් හමුදාව ඉවත් කිරීමයි. ඊටද ශ්‍රී ලංකා රජය එකඟ වී නැත.

Rate this item
(0 votes)