May 14, 2024

මුස්ලිම් සංවිධාන ‘බොදුබලේ’ සහාය පතයි

රජයට සම්බන්ධ ඇමැතිවරුන් කිහිපදෙනකු හඡ්ජි වන්දනා කෝටාව අයුතු ලෙස භාවිතා කරන බව මුස්ලිම් සංවිධානයක් පවසයි.

ඒ හේතුවෙන් හඡ්ජිඋත්සවයට සහභාගි වීමට යැමේදී ඇතැම් බැතිමතුන්ට අසාධාරණයක්‌ වී ඇති බවපවසමින් ඊට එරෙහිව ක්‍රියාමාර්ගයක්‌ ගන්නා ලෙස මුස්‌ලිම් සංවිධානයක්‌බොදුබල සේනා සංවිධානයෙන් ඉල්ලීමක්‌ කර ඇත.

ඉන් පෙන්වා දී ඇත්තේ රජයට සම්බන්ධ ඇමැතිවරුන් කිහිපදෙනකු හඡ්ජි වන්දනා කෝටාව අයුතු ලෙස භාවිතා කරන බව එම මුස්‌ලිම් සංවිධානයබොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතාගේ අවධානයට යොමු කළ බවයි.

බෞද්ධ සංවිධානයකට මුස්‌ලිම් ආගමික කටයුතුවලට සෘජුවම මැදිහත් වීමටනොහැකි බව දිලන්ත විතානගේ මහතා එහිදී ප්‍රකාශ කර ඇති අතර, මේ සම්බන්ධයෙන්සියලු තොරතුරු ලබාදුන හොත් සහ ඊට එරෙහිව මුස්‌ලිම් බැතිමතුන් ගන්නාක්‍රියාමාර්ගයකට සහාය දීමට හැකියාවක්‌ ඇති බව ඒ මහතා ප්‍රකාශ කර ඇත.

Rate this item
(0 votes)