May 14, 2024

නැන්දම්මා මැරූ බෑනා හිරේ දී එල්ලී මැරෙයි

පොළොන්නරුව බන්ධනාගාරයේදී අද අලුයම 3.30 ට පමණ රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ පසුගිය 17 වැනි දා සිය බිරිඳගේ මවට පොල්ලකින් පහර දී ඝාතකය කළේ යැයි යන චෝදනාවට රක්ෂිත බන්ධනාගාරව සිටි සැකකරුයි.

පොළොන්නරුව බන්ධනාගාරයේ වැසිකිළියේදී මෙම සැකකරු මෙලෙස ගෙල වැලලා ගනිමින් සියදිවි හානි කරගෙන තිබේ. ඔහු නමින් ජනකසිරි බන්ඩාර නම් 35 හැවිරිදි හිඟුරක්ගොඩ බෝගස්හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු විසින් සිය දියණිය දූෂණය කිරීම නැන්දණිය විසින් දැක ඇති නිසා අදාළ ඝාතනය සිදු කළ ඇති බව සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 23 August 2014 10:11