May 14, 2024

"මතට තිත" ගැන ඉන්දු - ලංකා සාකච්ඡා

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නිරන්තරයෙන් සිදුවන මත්ද්‍රව්‍ය ප‍්‍රධාන කරගත් අනෙකුත් නීති විරෝධී ක‍්‍රියා මැඩලීම සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට දෙරටේ නියෝජිතයෝ හමුවී සාකච්ඡා ආරම්භ කර තිබේ. 

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා අනුගමනය කළ යුතු ඉදිරි ක‍්‍රියාමර්ග සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් කරුණු සාකච්ඡා වූ අතර ඒ සඳහා වූ ආරක්ෂක තොරතුරු හුවමාරු කරගැනීමට ද මෙහිදී එකඟතාව පළ වී ඇත. 

මීට ඉහතදී ද දෙරට අතර සිදු වන විවිධ ජාවාරම් මැඩලීම සම්බන්ධයෙන්  සාකච්ඡා පවත්වනු ලැබීය. එම සාකච්ඡාවල තීරණාත්මක හමුවක් පසුගිය 20 සහ 21 යන දිනයන්හි දී ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත්විණි. 

මෙම සාකච්ඡාව සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් සිල්වා මහතා හා ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් නිලධාරීහු පිරිසක් ද එක්වූහ.

Rate this item
(0 votes)