May 15, 2024

පරණ ඖෂධ විකුණූ ඔසුසැල් හිමියන් සිව්දෙනෙකු කොටු

හැටන් නගරයේ පිහිටි බටහිර ඖෂධ ඔසු සැල් නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් විසින් ඊයේ (21) හදිසි පරීක්ෂාවකට ලක්කර තිබේ.

නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඩී.පී.ඡී. කුමාරසිරි මහතාගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදුකර ඇති අතර මෙහිදී කල් ඉකුත්වූ ඖෂධ වර්ග අලෙවි කිරීම සඳහා ගබඩාකර තිබූ ඔසුසැල් හිමියන් සිව්දෙනෙකු අත්අඩංගුවට  ගත් බව පාරිභෝගික සේවා අධිකාරීයේ නිළධාරින් පැවසූහ. 

එම ඔසුසැල් හිමියන්ට එරෙහිව හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇති බවත් නුවරඑළිය දිස්ත‍්‍රික්කය පුරා මෙවැනි වැටලීම් දිගටම සිදුකරන බවත් නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීයෙකු සඳහන් කළේය.

හැටන් රංජිත් රාජපක්ෂ

 

Rate this item
(0 votes)