May 14, 2024

ජලය සොයා ආ අලියා ජලය නිසා මියයයි

ජලය බීමට පැමිණි අලියෙකු ඉගිනියාගල සේනානායක සමුදාය තුලම මියගොස් සිටියදී වනජීවී නිළධාරීන් විසින් සොයා ගෙන තිබේ.

පසුව අම්පාර වනජීවී නිලධාරින් සහ ඉගිනියාගල පොලිසියේ නිළධාරීන් ද සිවිල් ආරක්ෂක බලකායේ භටයන් එක්ව මහත් වෙහෙසක් දරා මෙම අලියා බෝට්ටු මගින් ගොඩබිමට ගෙන එනු ලැබූ බව වාර්තා වෙයි.

වයස අවුරුදු 30 ක් පමණ වන මෙම අලියාගේ උස අඩි 8 ක් පමණ වේ. මෙම අලියා මියගොස් දින කිහිපයක් වන අතර අලියාගේ සිරුර අධික ලෙස නරක්ව තිබීම හේතුවෙන් මෙම මරණය පිලිබදව නිශ්චිත තීරණයක් දීමට නොහැකි බව අම්පාර වනජීවි සෞඛ්‍ය ඒකකයේ පශු වෛද්‍ය බී.එමි.ඒ.පුෂ්පකුමාර මහතා පැවසී ය.

අම්පාර - වසන්ත චන්දාපාල

 

Rate this item
(0 votes)