May 14, 2024

දක්ෂිණ අධිවේගයට ගලක් පෙරලෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ධාවන තීරුවේ 88 වන කිලෝ මීටර් කනුව අසලට ගලක් කඩා වැටීම නිසා වාහන ධාවයට සුළු බාධා මතුවූ බව ඒෂියන් මිරර් වාර්තාකරු පවසයි.

පවතින අධික වර්ෂාව නිසා අසල පිහිටි කදු ගැටයක තිබු සාමාන්‍ය ප්‍රමාණයේ ගලක් මෙසේ කඩා වැටී ඇත. මේ හේතුවෙන් සම්පුර්ණ මාතර දෙසට ඇති මං තීරුවම මින් වැසී ගොස් නොමැති නිසා වාහන ධාවනය මෙම ස්ථානයේ දී සෙමින් සිදුවන බව වාර්තා වෙයි.

අද (22) දහවල් කාලය වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවකයින් විසින් අදාල ගල ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Friday, 22 August 2014 16:42