May 13, 2024

හෝමාගම සභාපති විභාගය අස්සේ "සද්දේ දාලා"

හෝමාගම ජනාධිපති විද්‍යාලයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයකට බාධා වන අයුරින් හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික කෝරලගේ මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයක ශබ්ද විකාශන යන්ත්‍ර අවලංගු කළ බව හෝමාගම පොලිසිය පවසයි.

එවැනි උත්සවයක් පවත්වන බවට පොලිසිය දැනුම්වත් කර නොමැති බව පොලිසිය පැවසී ය.

පොලිසිය කියනා තරම් දෙයක් සිදු නොවූ බවත් ශබ්ද විකාශන යන්ත්‍රවල හඬ අඩු කරන ලෙස පොලීසිය දැන්වූ බවත් ඉන්පසු  ශබ්ද විකාශන යන්ත්‍ර අනිත් පැත්තට හරවා උත්සවයේ කටයුතු සිදු කළ බවත් ඉන්දික කෝරලගේ මහතා පැවසී ය.

Rate this item
(0 votes)