May 13, 2024

රංජන් රාමනායකටත් “ඉතාලියෙන්” අයිස් බකට් අභියෝගයක්

යූ ටියුබ් තුළින් ‘ලොක්කා’ සහ ‘සාතන්ගේ අඩවිය’වැනි ජනප්‍රිය වීඩියෝ ඔබට ගෙන එන ඉතාලියේ සිටින හර්ෂණ කාරියවසම් ද මීට සුළු මොහොතකට පෙර “ice bucket challenge” එකට මුහුණ දුන් වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කළා.

ඒ යූ ටියුබ් තුළින් ඔබ පිනවන ජංතුයි පිංතුයි“ice bucket challenge” බාරගත් වීඩීයෝව තුළින් මීළඟ අභියෝගය ඒෂියන් මිරර් වාර්ථාකරුවෙකු වන හර්ෂණටත් ලබා දී තිබීම තුළිනි.

හර්ෂණ බාර ගත් අභියෝගය සාර්ථකව නිම කර, මීළඟ අභියෝගයට පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමණායක, සිම්ෆනි ව්‍යාපෘති අධ්‍යක්ෂ ජූඩ් අර්ඩ්ලි, මේරියන්ස් සංගීත කණ්ඩායමේ ප්‍රසන්න රෝසා,‘Xsensorfilms’ බෘනෝ දිවාකර සහ අමිල ප්‍රනාන්දු නම් කර තිබේ.

පසුගිය ජුලි 15 වනදා මෙම වැඩසටහන ඇරඹි අතර එය ආරම්භ කළේ ඇමරිකානු ගොල්ෆ්ක්‍රීඩයෙක් විසින්. “ice bucket challenge” හි නීති 'පද්ධතියට අනුව මුලින්මඅභියෝගය භාරගෙන අයිස් වතුර බාල්දියකින් නාන පුද්ගලයා පැය 24 ක් තුළ තවත්පුද්ගලයෙකු නම් කළ යුතුවෙයි.එලෙස පුද්ගලයෙකු නම් කිරීමට හෝ එම අයිස් වතුරෙන් නෑමේ අභියෝගය සම්පුර්ණ කරගැනීමට නොහැති වුවහොත් එම පුද්ගලයා විසින් ස්නායු රෝගී අරමුදලට ඩොලර් 100 කමුදලක් තැන්පත් කල යුතු වෙයි.එම “ice bucket challenge” එක සම්පුර්ණ කර තමන් විසින්ම (අයිස් වතුරබාල්දියකින් නාගෙන ) එය යු ටියුබ් වීඩියෝවක් ලෙස පළ කර පැය 24 ක් තුළ මීළගඅභියෝගකරුවා නම් කළ හොත් එම පුද්ගලයා පෙර කී අරමුදලට ඩොලර් 10 ක් යොමු කළයුතුය.

මේ පිළිබඳ දර්ශන පහතින් නරඹන්න

Rate this item
(5 votes)
Last modified on Friday, 22 August 2014 16:34