May 14, 2024

ජානක පෙරේරාගේ ඝාතකයා වරද පිළිගනී

උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ අධි චෝදනා ලැබ සිටි දෙවැනි විත්තිකරු කොටි සංවිධානයේ හිටපු කර්නල් චෙන්කලඅඩියේ සමිමුගනාදන් සුදාහරන් අනුරාධපුර මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා ඉදිරියේ අද (22) වරද පිළි ගෙන තිබේ.

{module LOLC}

ඒ අනුව විත්තිකරුට දඩුවම් නියම කිරීම ලබන මස 5 වැනිදා සිදුකරන බව මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දුන්නේය. 

ඒ වනතුරු විත්තිකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත. 

2008 වසරේ අනුරාධපුරයේ දී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 23 August 2014 13:02