May 13, 2024

පාවෙන වෙළඳ සංකීර්ණය විවෘත කිරීම කල්යයි

අද (22) විවෘත කිරීමට නියමිතව තිබූ පිටකොටුව - බැස්ටියන් මාවතේ ඉදි කෙරුණු දිය මත පාවෙන වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කල් දමා තිබෙන බව වාර්තා වේ.

ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත ක්‍රියාත්මක කොළඹ නගර අලංකරණ හා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදි කළ කොළඹ බැස්‌ටියන් මාවත බේරේ වැව මත ඉදිකළ පාවෙන වෙළෙඳ සංකීර්ණය අද ප.ව. 6.00 ට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරේ.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් රුපියල් මිලියන 150 ක වියදමින් මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය ඉදි කර තිබේ.

වෙළෙඳ කුටි 92 කින් සමන්විත මෙහි සුපිරි අවන් හලක්‌ සහ දේශීය ආයුර්වේද නිෂ්පාදන අලෙවි සැල් පිහිටුවා ඇති අතර ඉතිරි ඒවා ඒ අවට ප්‍රදේශයේ අනවසර හා අවිධිමත් ලෙස ව්‍යාපාරික ස්‌ථාන පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයන් වෙත ලබාදී ඇත.

 

Rate this item
(0 votes)