May 14, 2024

කොල්ලුපිටියේ දී මෝටර් රථයකට ගසක් කඩා වැටෙයි

කොල්ලූපිටිය ආර්. ඒ. ද මෙල් මාවතේ රැජින පාර මංසන්ධිය අසල මාර්ගයට ගසක් කඩාවැටීම නිසා ආර්.ඒ.ද මැල් මාවතේ දැඩි රථවාහන තදබදයක් පවතින වාර්තා වේ. 

ඩුප්ලිකේෂන් මාර්ගයේ ක්වීන්ස් පාර මංසන්ධියේදී ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට එම ගස කඩා වැටී තිබේ. 

මේ හේතුවෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට‍ ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසී ය. 

සිද්ධියත් සමග එම ස්ථානයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති අතර මේවන විට එම ගස කපා ඉවත් කිරීමේ කටයුතු සිදුවන බවද පොලීසිය සඳහන් කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 22 August 2014 15:48