May 13, 2024

කඳුරට මීදුමෙන් වැසී යයි

මධ්‍යම කඳුකරයටත් කඩින් කඩ වැසි ඇඳහැලීමත් සමඟ මාර්ග ලිස්සන සුළු බැවින් වාහන ධාවනයේදී සුපරික්ෂාකාරී වන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම කඳුකරයටත් ඊයේ (21) රාත‍්‍රී සිට කඩින් කඩ අධික වර්ෂාව ලැබෙමින් පවතින අතර අධික වර්ෂාවත් සමඟම ප‍්‍රධාන මාර්ග වැසී යන ආකාරයට ඝන මීඳුම් තත්වයක්ද මතුවී තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු පැවසීය.

වර්ෂාවත් සමඟ ප‍්‍රධාන මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ග වල වාහන ධාවනය කිරීමේදී ඉතා සෙමින් වාහන ධාවනය කරන ලෙසත්, මීඳුම පවතින අවස්ථාවල වාහනවල ඉදිරිපස ප‍්‍රධාන ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. 

පවතින වර්ෂාවත් සමඟම මධ්‍යම කඳුකරයේ රාත‍්‍රී කාලයේ උණුසුම් තත්වයක් තිබුණත් දිවා කාළයේදී සීතල කාළගුණ තත්වයක් පවතින බව වාර්තා වෙයි.

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)