May 13, 2024

3D චිත්‍රපට බලන්නේ බලාගෙනයි

කොළඹ නගරයේ පිහිටි ත්‍රිමාණ චිත්‍රපටි ශාලාවල ඇති නැරඹුම් උපැස් යුගලයක් අපිරිසිදු තත්ත්වයේ තිබෙන නිසා ඇස් රෝග, ඉන්ෆ්ලුවන්සා වැනි වෛරස් රෝග, සෙම්ප්‍රතිශ්‍යාව, සමේ රෝග, විවිධ ආසාත්මිකතා පැතිරයාමේ අවදානමක් ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි.

නාගරික ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් පසුගියදා කොළඹ නගරයේ සිනමාශාලාවල සිදුකළ පරීක්ෂා කිරීමකදී මේ බව අනාවරණ වී ඇත.

ත්‍රිමාණ චිත්‍රපට ප්‍රදර්ශණය කරන බම්බලපිටියේ සිනමා ශාලා 4ක් හා වැල්ලවත්ත සිනමා ශාලාවක් තුළ මේ තත්ත්වය විශේෂයෙන් නිරීක්ෂණය කර ඇති බවත් නියමිත උපැස් යුවලක් පිරිසිදු කර ප්‍රේක්ෂකයින්ට ලබාදීමට මාස 2ක් ඇතුලතදී ක්‍රියානොකළහොත් අදාල චිත්‍රපට ශාලාවල ප්‍රසිද්ධ රැඟුම්පාලක බලපත්‍රය අහෝසි කරන ලෙසට නාගරික කොමසාරිස්වරයාට දැනුම්දීමටත්, ජාතික චිත්‍රපට සංස්ථාවට හා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට පැමිණිලි කිරීමට කටයුතු කරන බවත් කොළඹ මහ නගර සභාව පැවසී ය.

Rate this item
(0 votes)