May 14, 2024

ලෝකයෝ අයිස් නාද්දී දෙරණ චතුර ඉල්ලන් නාපු හැටි (Video)

ලෝකය පුරා මේ දිනවල වේගයෙන් ජනප්‍රිය වන ප්‍රචාරණ ව්‍යාපෘතියක් වන “ice bucket challenge”ලොවපුරා පැතිර ඇති ස්නායු රෝගී අරමුදලට ආධාර එකතු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වෙන්නක්.

එකිනෙකා අභියෝග කරගනිමින් සිදු කරන මෙම වැඩසටහනට ලංකාවේ ජනාධිපතිවරයාගේ සිට ජනප්‍රිය බොහෝ දෙනෙක් මේ වන විටත් එක්ව සිටිනවා.

අපි කවුරුත් දන්න “ටීවී ‍දෙරණේ”චතුර අල්විසුත් අද උදේම අයිස් බකට් එකක් නෑවා. හැබැයි චතුරට නාන්න කියලා කවුරුවත් අභියෝගයක් නම් කළේ නැහැ.හැබැයි ‘ලෝකයෝ’අභියෝගයට අයිස් නාලා තව කාටහරි අභියෝග කරද්දි 'ඇදගෙන නාපු චතුර' නම්, නමක් ගමක් කියලා කාටවත් අභියෝග කළේ නැහැ.  

චතුර හොඳ හැටි නාලා කිව්වේ මේ හොඳවැඩේ වෙනුවෙන් නාන්න කියලා හැමෝටම අභියෝග කරනවා කියලා.

අපි කවුරුත් දන්න කුණු බේරෙන බේරේ ළඟට ගිහින් නාපූ 'චතුර' හීතලේ ගැහි ගැහී ආපහු ගියේ අලුතින් පටන් ගත්ත ‘ලෝකය සහ ලෝකයෝ’ වැඩසටහනට වාඩි වෙන්න. හීතලේ ගැහි ගැහි නාලා, ගැහි ගැහිම වැඩසටහන කරපු හැටි පහතින් බලමු.

Rate this item
(2 votes)
Last modified on Friday, 22 August 2014 13:39