May 12, 2024

මුන්නේෂ්වරම් ගිය සුද්දෝ "පොල් ගසයි"

හලාවත - මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයේ මංගල්ලය මේ දිනවල පැවැත්වෙන අතර මෙම මංගල්ලයට සහභාගි වීම සදහා දිවයිනේ නන් දෙසින් සිංහල සහ දමිල ජනතාව පැමිණෙති.

ඒ අතර විදේශිකයින් පිරිසක්ද පැමිණ සිටි ආකාරය පසුගිය දිනක දැක ගත හැකි විය.

පුජා වට්ටියක් ගෙන දේවාලයට පිවසි මෙම විදේශීය සංචාරක පිරිස එහිදී විශේෂ පුජාවකටද සහභාගි විය. අනතුරුව චාරිත්‍රාණුකූලව පොල් ගසා වත් පිළිවෙත් කිරීමටද මෙම සංචාරකයින් පිරිස අමතක නොකළේය.

පුත්තලම - ජුඩ් සමන්ත.

 

Rate this item
(0 votes)