May 14, 2024

එබෝලාට වැට බදින්න රටවල් කිහිපයකට "වීසා තහනමක්"

බටහිර අප්‍රිකානු රටවල පැතිර යන ඉබෝලා වෛරසය හේතුවෙන් නයිජීරියාව, ලයිබිරියාව, සියෙරා ලියෝන් හා ගිනියාව රටවල වෙසෙන පුද්ගලයින්ට මෙරටට පැමිණීමේදී වීසා ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එම රටවල වැසියන්ට ඔන් ඇරයිවල් වීසා හෙවත් ගුවන් තොටුපළේදී වීසා ලබා ගැනීම ඔස්සේ ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩනොදීමට තීරණය කර තිබේ.

එබෝලා වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ රෝග ආවේක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව රෝග ආවේක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ කිරීම කටුනායක ගුවන් තොටුපොළේ ස්ථාපිත සෞඛ්‍ය ඒකකයක් ස්ථාපිත කිරීම, ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපකරණ වෛද්‍යවරුන්ට ලබාදීම ඇතුළු පියවර ගණනාවක් ගෙන තිබේ.

දැනට බටහිර අප්‍රිකාව, ලයිබීරියාව, සියරා ලියෝන් සහ ගිනී රාජ්‍යන්හී ඉබෝලා වසංගතය පැතිරෙමින් තිබේ.

අප්‍රිකානු කලාපය පුරා ව්‍යාප්ත වන එබෝලා වෛරසය හේතුවෙන් ලයිබිරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ.

ලයිබිරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 200 දෙනෙකු පමණ සිටින අතර ඔවුන් සිය ඥාතින් මගීන් දිවයිනට ගෙන්වා ගැනිමට පියවර ගෙන ඇත.

එබෝලා වෛරසය හේතුවෙන් මේ වනවිට ලයිබිරියාවේ මිය‍ගොස්  ඇති සංඛ්‍යාව 294 කි.

ලයිබිරියාවේ තවත් පුද්ගලයින් 554 දෙනෙකුට එබෝලා වෛරසය වැළඳී තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 22 August 2014 11:07