May 13, 2024

පෙර පාසල අසල ගංජා විකුණුවේ "ළදරුවන්ටත්" ගංජා පොවන්නද?

පල්ලම ප්‍රදේශයේ ළදරු පාසලක් ආසන්නයේ රැදී සිටිමින් ගංජා අලවි කිරීමේ නිරතවූ බව කියන පුද්ගලයෙකුව අත්අඩංගුවට ගැනීමට පල්ලම පොලීසියේ නිලධාරීන් සමත්වී ඇත.

සැකකරු සතුව තිබී ගංජා පැකට් 27 ක්, රුපියල් 100580 ක මුදලක්, ජංගම දුරකථනයක් සහ ගංජා අලවි කිරීම සදහා යොදාගත් ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරු පල්ලම - පොත්තුක්කුලම පදිංචි 35 හැවිරිදි අයෙකුවය.

හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් තමන්ට අලවි කිරීම සදහා ගංජා සපයන බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.

සැකකරු කාලයක පටන් පල්ලම - වතුපොල මාර්ගයේ පෙර පාසලක් අසල රැදී සිටිමින් ගංජා අලවි කිරීමේ නිරත ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත. ඒ අනුව ව්‍යාජ ගැණුම්කරුවෙකු යොදවා මෙම වැටලීම සිදු කිරීමට පල්ලම පොලීසියේ නිලධාරීන් කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සහ ඔහු සතුව තිබියදී පොලිස් භාරයට ගෙන ඇති ගංජා තොගය, මුදල්, ජංගම දුරකථනය සහ ත්‍රීරෝද රථය පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පල්ලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කර ගෙන යයි.

පුත්තලම - ජුඩ් සමන්ත.

 

Rate this item
(0 votes)