May 12, 2024

අලි - මිනිස් ගැටුමෙන් තවත් අයෙක් බිලි

වන අලියෙකු පහරදීම හේතුවෙන් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අයෙකු බාහිර රෝගී අංශයේදීම මිය ගොස් ඇති බව කරුවගලස්වැව පොලීසිය පවසයි.

ඊයේ (21) වැනිදා රාත්‍රී 10.45 ට පමණ මෙම වන අලි ප්‍රහාරය එල්ලවී ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ තබ්බෝව, පලදාගම පදිංචිකරුවෙකු වන රත්නායක මුදියන්සේලාගේ රත්නායක (අවු:58) නම් අයෙකි.

මිය ගොස් ඇති අය තම නිවස ඉදිරිපිට සිටියදී වන අලි ප්‍රහාරයට ලක්වී ඇත. වන අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා සිටි ඔහුව එම අවස්ථාවේදීම පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතත් බාහිර රෝගී අංශයේදී ඔහු මිය ගොස් ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

පුත්තලම - ජුඩ් සමන්ත.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 22 August 2014 09:53