May 13, 2024

අයිස් නෑවට අරමුදලට සල්ලි දුන්නේ ඔටාරා විතරද ? (සහතිකය මෙන්න)

ඔටාරා ගුණවර්ධන ලංකාවේ ගායකයෙකු වන ඉරාජ් වීරරත්න කරන ලද  අයිස් බකට් නෑම (ice bucket challenge) අභියෝගය  සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ස්නායු රෝගී අරමුදලට ආදාල මුදල් ඊයේ දිනයේදීම පරිත්‍යාග කර ඇත. ඒ සම්බන්ධයෙන් ඇය වෙත පණිවිඩයක් එවමින් එහි සභාපතිවරිය ඔටාරාට ස්තූතිය පල කර තිබේ. මේ වනවිට එම අරමුදලින් ලැබුණ පණිවිඩය ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ ඔටාරා පමණි. ඒ අනුව අයිස් බකට් නෑමේ අභියෝගය භාරගත්තද වෙනත් ලාංකිකයෙක් මෙතෙක් එම අදාළ අරමුදලට පරිත්‍යාග මුදල් ලබාදී නැත්ද යන්න පිළිබඳ මේ වන විට කතාබහට ලක්ව ඇත.

පසුගිය ජුලි 15 වනදා මෙම වැඩසටහන ඇරඹි අතර එය ආරම්භ කළේ ඇමරිකානු ගොල්ෆ්ක්‍රීඩයෙක් විසින්. “ice bucket challenge” හි නීති පද්ධතියට අනුව මුලින්මඅභියෝගය භාරගෙන අයිස් වතුර බාල්දියකින් නාන පුද්ගලයා පැය 24 ක් තුළ තවත්පුද්ගලයෙකු නම් කළ යුතුවෙයි.එලෙස පුද්ගලයෙකු නම් කිරීමට හෝ එම අයිස් වතුරෙන් නෑමේ අභියෝගය සම්පුර්ණ කරගැනීමට නොහැති වුවහොත් එම පුද්ගලයා විසින් ස්නායු රෝගී අරමුදලට ඩොලර් 100 කමුදලක් තැන්පත් කල යුතු වෙයි.එම “ice bucket challenge” එක සම්පුර්ණ කර තමන් විසින්ම (අයිස් වතුරබාල්දියකින් නාගෙන ) එය යු ටියුබ් වීඩියෝවක් ලෙස පළ කර පැය 24 ක් තුළ මීළගඅභියෝගකරුවා නම් කළ හොත් එම පුද්ගලයා පෙර කී අරමුදලට ඩොලර් 10 ක් යොමු කළයුතුය.

ඔටාරා ගුණවර්ධන ලංකාවේ ගායකයෙකු වන ඉරාජ් වීරරත්න කරන ලද  අයිස් බකට් නෑම (ice bucket challenge) අභියෝගය  සම්පුර්ණ කර මහේල ජයවර්ධන,කුමාර සංගක්කාර,මලික් ප්‍රනාන්දු සහ සමීර රෙඩි වෙත අභියෝගය එල්ල කළාය. 

 

Rate this item
(0 votes)