April 28, 2024

නිදි යහනේ සිටි සැමියා පිළිස්සූ "යක්ෂ ගැහැණියක්"

තම සැමියා බීමත්ව පැමිණ දිනපතාම කරදර කිරීම නිසා මානසික පීඩනයකින් සිටි බිරිඳක්‌ සිය සැමියා නිදියහනේ නිදා සිටි අවස්‌ථාවේ ගිනි තබා පුළුස්‌සා ඇතැයි වාර්තා වෙයි.

ඊයේ (21) අලුයම් කාලයේ දී මාතර, රාස්‌සදෙණිය, කහවත්ත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක්‌ විසින් සිය සැමියගේ සිරුරට මෙලෙස ගිනි තබා තිබේ.

සිද්ධිය වූ දින නිවසට පිටුපසින් බාහිරව තිබෙන කොටසක රාත්‍රි නිදාගත් බවත් කෑගසන ශබ්දයක්‌ ඇසී බලනවිට පියා බිම වැටී කෑගසමින් සිටි බවත් පසුව වතුර දමා සෝදා පියා රෝහල වෙත රැගෙනගිය බවත් පවසා පිළිස්‌සුම් තුවාල ලැබූ පුද්ගලයාගේ පුත්‍රයකු පොලිසියට පැමිණිලි කර ඇත.

පිළිස්‌සුම් තුවාල ලැබූ පුද්ගලයා මාතර රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර මූලස්‌ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

Rate this item
(0 votes)