April 28, 2024

චිත්‍රපට අධ්‍යක්ෂ "පද්මසිරි කොඩිකාර" අත්අඩංගුවට ගන්න නියෝගයක්

තරුණියකට ලිංගික අතවරයක් කළ බවට චෝදනා ලැබ ඇති චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන පද්මසිරි කොඩිකාර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රංගජීව විමලසේන මහතා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ඊයේ (20) නියෝග කර තිබේ.

අත්තනගල්ල කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි ලක්ෂ්මි දිල්රුක්ෂි ජයරත්න නැමැති තරුණියක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කර ඇත.

මෙම තරුණිය කෝරළේ මහත්තයා 03 ටෙලිනාට්‍ය යේ සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණි සිටි අවස්ථාවේදී සැකකරු විසින් ලිංගික අතවරයක් කළ බවට ඇය විසින් පොලිස්පති සහන මැදිරියට පැමිණිලි කර ඇති අතර පසුව එම පැමිණිල්ල විභාග කිරීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට යොමු කර තිබේ.

 

Rate this item
(0 votes)