May 09, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

මාලිගාවේ සේවකයෙක් පිළිම උස්සා මාට්ටු

මහනුවර ශි‍්‍ර දළදා මාලිගාවේ සේවකයෙකු බව සඳහන් අයෙකු විසින් බුදු පිළිම තුනක් සොරකම් කරගෙන ගොස් පුජාපිටිය ඕවිස්ස ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුට අලෙවි කිරීමෙන් අනතුරුව ඔහු එය තවත් පුද්ගලයෙකුට අලෙවි කිරීමට සැරසෙද්දී කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 
 
එම පුද්ගලයා හඟුරන්කෙත ඇකිරිය ප‍්‍රදේශයේ පදිංචි බවට ප‍්‍රකාශ කරන අබේසිංහ මුදියන්සේලාගේ සුගත් අබේසිංහ නමැති අයෙකු බුදු පිලිම 03 ක් රු 3000ක මුදලකට පුජාපිටිය ඕවිස්ස ප‍්‍රදේශයේ මුස්ලිමි ජාතිකයෙකුට විකුණා ඇත. 
 
පසුව එම මුස්ලිමි ජාතිකයා විසින් බුදුපිලිම රු 12 000ක මුදලකට විකිණිමට කටයුතු කර ඇති අතර පොලිස් ඔත්තුකරුවෙකු යොදා එම බුදුපිලිම සමග එම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට කටුගස්තොට පොලිසිය සමත් වි තිබේ.
 
සිද්ධිය සම්බන්දයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර පරික්ෂන පවත්වන අතර මෙම සොරකමි කරන ලද බුදුපිලිම දළදා මාලිගාවේ ඒවාද යන්න වැඩිදුර පරික්ෂණ ආරම්භ කරයි.  සිද්ධිය පිලිබදව කටුගස්තොට පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක එචි.එමි.චන්ඳ්‍රසේකර මහතා පරික්ෂණ පවත්වයි.
 
මහනුවර - හේරත් ඒකනායක
Rate this item
(0 votes)