May 09, 2024

මහඇමති ආශීර්වාදයෙන් කුරුණෑගල මන්ත්‍රිවරු රට සවාරියේ

රුපියල්ලක්ෂ තිහක මුදලක් වැය කරමින් කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂමන්ත‍්‍රීවරුන් තායිලන්ත සංචාරයක යෙදීමට නියමිත බව වාර්තා වෙයි.මෙම සංචාරයට කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ සභාපති පැටි‍්‍රක් කරුණාසිංහ මහතාඇතුළු සියළුම ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් සහ විපක්ෂය නියෝජනය කරනමන්ත‍්‍රීවරුන් එක්වෙද්දීජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී ධර්මප‍්‍රියදිසානායක මහතා පමණක් තායි සවාරිය ප‍්‍රතික්ෂේප කර තිබේ.

මෙම තායිලන්ත සංචාරයේ යෙදෙන පළමු මන්ත‍්‍රී කණ්ඩායම ලබන ඉරිදා (27) තායිලන්තය බලා පිටත්වීමට නියමිත අතර අගෝස්තුමස 29 වැනිදා ආපසු දිවයිනටපැමිණීමට නියමිතයි. එම කණ්ඩායමට මන්ත‍්‍රීවරුන් 10දෙනෙක් සහ කුරුණෑගලප‍්‍රාදේශීය සභාවේ ලේකම්වරියද ඇතුළත් වී සිටිති.

මෙම මන්ත‍්‍රී කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් පසුව, මන්ත‍්‍රීවරුන් 11 දෙනෙකුගෙන් සැදුම්ලත් දෙවන මන්ත‍්‍රී කණ්ඩායම සැප්තැම්බර් මුල් සතියේතායිලන්තය බලා පිටත්වීමට නියමිත බවද සඳහන්.අධ්‍යයන චාරිකාවක් බව කියන මෙම තායිලන්ත සංචාරය සදහා එක් මන්ත‍්‍රීවරයෙකුවෙනුවෙන් රුපියල් එක්ලක්ෂ දහදහස් පන්සියයක් (රු. 110,500) බැගින් රුපියල්විසිහතර ලක්ෂ තිස් එක්දහසක (රු. 2,431,000) මුදලක්ද, අවශේෂ වියදම් ලෙසරුපියල් හාරලක්ෂ අනූ හතර දහසක්ද (රු. 494,000) වශයෙන් රුපියල් විසිනවලක්ෂවිසිපන්දහසක (රු. 2,925,000) මුදලක් සභා අරමුදල මඟින් දැරීම සුදුසු බවටපසුගිය මාසයේ පැවැති මහ සභා රැස්වීමේදී කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේමන්ත‍්‍රීවරුන් විසින් ඒකමතිකව සම්මත කරගෙන තිබේ.

මෙම තායිලන්ත සවාරිය පිළිබදව ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන කුරුණෑගලප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ධර්මප‍්‍රිය දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඔහුප‍්‍රකාශ කළේ මහජන මුදල් වියදම් කරමින් විදේශ සවාරි ගැසීම ජනතා විමුක්තිපෙරමුණ ප‍්‍රතික්ෂේප කරන්නක් බැවින් මෙම සවාරිය ප‍්‍රතික්ෂේප කළ බවයි.

පක්ෂ විපක්ෂ සියළු මන්ත‍්‍රීවරුන් විසින් දෑතම ඔසවා පසුගිය මහ සභාවකදීසම්මත කරවා ගත් මෙම තායි සවාරිය පිළිබද යෝජනාවට තමන් තරයේ විරුද්ධ වූබවත්, තම විරුද්ධත්වය පිළිබදව සදහන් නොකර එම යෝජනාව මහ සභාවේදී ඒකමතිකවසම්මත වූ බවට වාර්තා සකස් කර ඇතැයිද, එය සම්පුර්ණයෙන්ම සදාචාර සහනීතිවිරෝධි ක‍්‍රියාවක් බවද හෙතෙම වැඩිදුරටත් පවසයි.කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ වාර්ෂික ආදායමද රුපියල් කෝටි තුනක් වන අතර ඒඅනුව ප‍්‍රාදේශීය සභාවේ වසරක ආදායමින් 10%ක මුදලක් වියදම් කරමින් සන්ධාන -එජාප මන්ත‍්‍රීවරුන් විසින් මෙම සංචාරය සැලසුම් කරගෙන තිබීම කණගාටුවට කුරුණකි.මෙම සංචාරය සඳහා වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර මහතාද අනුමැතිය ලබාදීතිබේ.

(LankaTRUTH උපුටා ගැනීමකි)

Rate this item
(0 votes)