May 09, 2024

දුප්පතුන්ගේ හේතුවට ඇමතිගෙන් අපූරු පිළිතුරක්

ඕනම පළාතක දුප්පත් ජනතාව සිටින බවත් ඊට රජයට දොස් පැවැරීමට නොහැකි බවත් ඇතැම් පුද්ගලයින් අතේ සල්ලි තිබුනත් එය කළමනාකරණය කිරීමට නොදන්නා කමින් දුප්පතුන් බවට පත් වී ඇති බවත් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පවසයි.

ඉදිරි වසර කිහිපය ඇතුළත ඌව පළාත දුප්පතුන්න්ගෙන් තොර පළාත් බවට පත් කරන බවත් ඇතැම් අය දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ඌව පළාත දුප්පතුන්ගේ පළාතක් ලෙස පෙන්වීමට උත්සහ කළද එක්සත් ජාතික පක්ෂ පාලන සමයට වඩා ඉහළ ජීවන මට්ටමක ඌවේ ජනතාව සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.

"ඌවේ ජනතාවට සල්ලි හම්බකරන්න ක්‍රමවේද අනන්තවත් තිබුනා. ඒ මාර්ග කියා දෙන්න ඊට අතහිත දෙන්න කවුරුවක් හිටියේ නැහැ. සමහරු දුප්පත්කම ගැන කතා කරනවා මිසක් නිසි වැඩපිළිවළක් තිබුනේ නැහැ. ඒ අය ඔවුන්ගේ පාලන කාලයේ හරියට වැඩ කරානම් දුප්පතුන් ඇති වෙන්නේ නැහැ." යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

 

Rate this item
(0 votes)