May 09, 2024

'කුඩු නුවන්' ඇල්ලුවේ මර්වින්ට රිදෙන්නයි

කොලොන්නාවේ කුඩු ගැටුමක් නිසා කොලොන්නාව උප සභාපති‍ සුරේෂ් කොදාගොඩ මහතාගේ මස්සිනාද වන 'කුඩු නුවන්' නැමැත්තා හෙරොයින් ග්‍රෑම් 301ක් සමඟ මීතොටමුල්ලේ දී කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

'කුඩු නුවන්' නමින් ප්‍රසිද්ධ නුවන් ගුණතිලක නැමැත්තා මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පෞද්ගලික ආරක්ෂකයෙකු සහ කොලොන්නාව උප සභාපති‍ සුරේෂ් කොදාගොඩ මහතාගේ මස්සිනාද වේ. 

මර්වින් සිල්වා අමාත්‍යවරයා ජාතික රූපවාහිනී පරිශ්‍රයට කඩා වැදී සිදු කළ සිද්ධියේදී රූපවාහිනී සංස්ථාවේදී සේවක සේවිකාවන් සිදු කළ පහරදීමෙන් අමාත්‍යවරයාව බේරාගැනීම සඳහා ඉදිරිපත්වන්නේද මෙම කුඩු නුවන් නැමැත්තා බව වාර්තා වෙයි.

එම ගැටුමෙන් පසු රූපවාහිනී සංස්ථාවේ කාන්තාවක‍ තියුණු ආයුදයකින් කපා තුවාල සිදුකිරීමේ වූදිතයා වූයේද මෙම කුඩු නුවන් නැමැත්තා වේ.

මොහු කොලොන්නාව උප සභාපති‍ සුරේෂ් කොදාගොඩ මහතාගේ නැගණිය සමග ජීවත්වන අතර කොලොන්නාවේ සභාපති උපසභාපති ගැටුමේ ප්‍රතිපළයක් ලෙස මොහු අත්අඩංගුවට ගෙන ඇති බවටත් යම් ප්‍රබලයෙකු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සමග ඇතිකරගත් විරසකයක ප්‍රතිපළයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවටත් මේ වනවිට ප්‍රදේශවාසීන් අතර කතා බහක් පවතී.

Rate this item
(1 Vote)