May 09, 2024

හිටපු ජනපති සම්බන්ධීකරණ ලේකම්ට අතවර චෝදනා

හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු විසින් චන්දි රණතුංග නැමැති කාන්තාවකට ලිංගික බලපෑම් හා අමානුෂික ලෙස වද හිංසා කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් භාර ගැනීම නුගේගොඩ ළමා හා කාන්තා කාර්යාංශය ප්‍රතික්ෂේප කර තිබේ.     

හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු හා මේ වන විට ලේක්හවුස් ආයතනයේ කළමනාකරුවකු ලෙස කටයුතු කරන මෙම පුද්ගලයා පසුගියදා කාන්තාවක් පැහැර ගෙන ගොස් අමානුෂික ලෙස පහර දී ඇතැයි වාර්තා වේ.

මෙම අතවරයට ලක්ව ඇත්තේ නැසීගිය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ නාලක වෙදමුල්ලගේ බිරිඳ වන චන්දි රණතුංග මහත්මියයි. 19 වැනිදා රාත්‍රී එම පුද්ගලයා ඇයව පැහැර ගෙන ගොස් දූෂණය කිරීමට උත්සාහ කර ඇති අතර ඊට ඇය විරෝධය පළ කළ විට අමානුෂික ලෙස පහර දී ඇත. පසුව ඔහු විසින්ම ඇය තමන්ට පහර දී තම වාහනයට අලාභ හානි කළ බවට ඇයට විරුද්ධව මිරිහාන පොලිසියට පැමිණිලි කර ඇත.

මීට පෙර ද ඔහු ඇයට අතවර කිරීමට උත්සාහ දරා ඇති අතර එම සිද්ධිය දැඩි ආන්දෝලනයකට ලක් වූ අතර ඒ නිසා ඔහු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට ද සිදු විය. ඉන් පසුව ඔහු ආයෝජන හා සම්බන්ධ ඇමතිවරයෙකුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ද සම්බන්ධ වී ඔහුගේ සමීපතමයකු ලෙස සිටින බව පැවසේ.

එම සැකකාර පුද්ගලයාගෙන් හා මිරිහාන පොලිස් නිලධාරින්ගෙන් චන්දි රණතුංග මහත්මියට වූ ලිංගික බලපෑම් හා වද හිංසා සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට චන්දි රණතුංග මහත්මිය නුගේගොඩ ළමා හා කාන්තා කාර්යාංශය ගියද එම පැමිණිල්ල භාර ගැනීමට එම කාර්යංශයේ නිලධාරීන් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

අනතුරුව චන්දි රණතුංග මහත්මිගේ බලවත් ඉල්ලීම මත පැමිණිල්ල ලියාගෙන ඇති අතර අනතුරුව පිළියන්දල ප්‍රදේශයේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයෙකු වෙත 19 වැනි දා රාත්‍රියේම යොමු කිරීමට කටයුතු යොදන ලදී. දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා විසින් ඇය වහාම කළුබෝවිල රෝහල වෙත ඇතුලත් කරන ලෙස දන්වා සිටි ඇය විසින් අද (21) උදෑසන ඒ සදහා සහභාගී වීමට හැකි බව දන්වා ඇත.

කෙසේ නමුත් අද උදෑසන රෝහල්ගත වීමට ළමා හා කාන්තා කාර්යංශය වෙත ගියද ඇය රෝහල වෙත ගෙන යන බව පවසා තමාට පහරදුන් ස්ථාන හා සිද්ධියට අදාල ස්ථාන පෙන්වන ලෙස බලකරමින් සිටින බව ද වාර්තා වේ.

එහි හඩපටය පහතින් දැක්වේ

Rate this item
(3 votes)
Last modified on Thursday, 21 August 2014 15:53