May 09, 2024

නවගත්තේගම ගුරුවරියගේ නඩුවේ වන්දියෙන් ප්‍රථම ශිෂ්‍යත්වය ප්‍රධානය කෙරේ

නවගත්තේගම අහිංසාඅරමුදලෙන් සිදු කරන ප්‍රථම ශිෂ්‍යත්ව ප්‍රධානය අද ආණමඩුවේදී සිදු විය. නවගත්තේගම අහිංසාඅරමුදල නිර්මාණය වූයේ නවගත්තේගම නවෝද්‍යා පාසලේ සේවය කරමින් සිටිය දී සුසිලා හේරත් ගුරුවරියට හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මන්ත්‍රීවරයා විසින් දණ ගැස්සු සිද්ධියට පුත්තලම මහාධිකරණයෙන් ලැබුණු සාධාරණ නඩු තීන්දුවෙන් හිමි වූ රුපියල් ලක්ෂ 03ක මුදල සමගයි.

මෙහිදී ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු කියා සිටියේ නැවතත් සුසිලා හේරත් ගුරුවරියට තර්ජන එල්ල වී ඇති බවයි.

පසුගියදා සුසිලා හේරත් ගුරුවරියට මරණ තර්ජන එල්ල කරමින් ලිපියක් ලැබුණු අතර ඒ සම්බන්ධයෙන්ද මෙතෙක් සාධාරණ තීන්දුවක් ලැබී නොමැති බවද සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 August 2014 14:50