May 09, 2024

කොළඹදී ඉස්සූ 'ලක්ෂ හතලිස් නවයේ' විස්කි බෝතලය මෙන්න (VIDEO)

කොළඹ සුපිරි වෙළෙද පොළකින් රුපියල් නව ලක්ෂ හැත්තෑ දෙදහසක් වටිනා විස්කි බෝතල පහක්  ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පතකින් මිලට ගත් මැලේසියානු යුවලක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ලුවී X111  නම් මෙම විස්කි බෝතල් පහේ මිල රුපියල් හතලිස් අට ලක්ෂ හැත්තෑදහසක් පමණ වන අතර  ඔවුන් ළඟ තිබී ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් විසි පහක් සොයාගත් බව පොලීසිය තවදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම මිල අධික විස්කි බොතලයේ විශේෂත්වය වන්නේ මෙම බෝතලය නිර්මාණය කරන්නේ යන්ත්‍රානුසාරයෙන් නොව මිනිසුන්ගේ දෑත් වලින්ම වීමයි. එමෙන්ම මෙම බෝතල් නිෂ්පාදනය කරන අකාරය ඉතා විශ්මයජනකය. 

Remy Martin නම් ආසවනාගාරයේ (Brewery) මෙම බෝතලය නිෂ්පාදනය කරන අතර මෙහි තවත් විශේෂත්වයක් වන්නේ  එක් බොතලයක් වෙළඳපලට නිකුත්කිරීමට අවුරුදු  40 - 100 අතර කාලයක් ගතවීමයි.

මෙම ලුවී X111 නම්  බෝතලය නිෂ්පාදනය කරන විශ්මිත අකාරය පහතින් නරඹන්න

 

Rate this item
(5 votes)
Last modified on Friday, 22 August 2014 12:56