May 12, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

උසස්පෙළට යද්දී සිසුවිය දුම්රියේ ගැටේ

උසස්පෙළ විභාගය සඳහා පිටත් වී ගිය සිසුවියක් මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රියක ගැටී මරණයට පත්වී ඇති බව වාර්තා වේ. තලවාකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන දෙක අතර 118/4/1 සැතපුම් කණුව අසල අද (21) උදෑසන 9.35 ට පමණ මෙම පාසැල් සිසුවිය දුම්රියේ ගැටී ඇති බව තලවාකැලේ පොලීසිය පවසයි. 
 
මෙම අනතුරින් මියගොස් ඇත්තේ දිඹුල පොලිස් වසමට අයත් දිඹුල වත්ත පහළ කොටසේ පදිංචි වෙල්ලසාමි ප‍්‍රියා නැමති (අවු.19)සිසුවියකි. තලවාකැලේ දෙමළ මහා විද්‍යාලයේ පැවැත්වෙන අ.පො.ස. උසස්පෙළ විභාගයට පෙනී සිටින බව පවසමින් මෙම සිසුවිය උදෑසන 7.30 ට පමණ නිවසින් පිටත්වී ඇත. 
 
දුම්රියේ ගැටීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ මෙම සිසුවිය එම දුම්රියේම නානුඔය දුම්රිය ස්ථානයට ගෙන ගොස් බාරදීමෙන් අනතුරුව නුවරඑළිය මූලික රෝහලටඇතුලත් කිරීමෙන් පසු දැරිය මියගොස්  ඇත.
 
මෙම දැරිය දුම්රියේ ගැටුණාද නැතිනම් සියදිවිහානිකර ගත්තාද යන්න තලවාකැලේ පොලීසිය පුළුල් පරීක්ෂණ ආරම්භකර තිබේ. 
 
හැටන් රංජිත් රාජපක්ෂ
Rate this item
(0 votes)