May 12, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

වාර විභාග ප්‍රශ්න පත්‍රයක් රුපියල් 3500යි

පිළියන්දල අධ්‍යාපන කලාපයේ පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍ර 03ක් ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පාසලක කම්කරුවෙකු විසින් උපකාරක පන්ති ගුරුවරයෙකුට රුපියල් 3500 ක මුදලකට අලෙවිකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කළ පරීක්ෂණයකදී හෙළිවී තිබේ.
 
එම සැකකාර පුද්ගලයා විසින් 11 ශ්‍රේණියට අදාළ ගණිතය, විද්‍යාව, සිංහල හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර මුද්‍රණාලයෙන් ලබාගෙන උපකාරක පන්ති ගුරුවරයෙකුට ලබා දී ඇත.
 
එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පාසලක කම්කරුවාගේ වැඩතහනම් කිරීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය  අද (21දා) තීරණය කර ඇත.
 
Rate this item
(0 votes)