May 13, 2024

බස්නාහිර පළාතේ "උපකාරක පන්ති" තහනම්? 

බස්නාහිර පළාතේ දරු දැරියන් ආගමික අධ්‍යාපනයට පෙළඹවීම වෙනුවෙන් 09 ශ්‍රේණිය දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ඉරිදා දින උදෑසන කාලයේ පෞද්ගලික උපකාරක පන්ති තහනම් කළ යුතු බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මෙහිදී බස්නාහිර පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉරිදා පෙරවරුවේ සහ පෝය දින උපකාරක පංති තහනම් කිරීමට අදාළව නව නීති සැකසීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.

උපකාරක පන්ති වැඩිපුරම ඇත්තේ බස්නාහිර පළාතේ බැවින් මෙම නීති සැකසීම අතිශය සංකීර්ණ කටයුත්තක් බවට පත්ව ඇති බව ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දේ.

 ‍

Rate this item
(0 votes)