May 13, 2024

ඉරාජ්ගේ අභියෝගයට ඔටාරාගෙන් පිළිතුරු

මේ දිනවල ලොව සුපිරි අභියෝගයක් වන ඇදගෙන නා ගැනීමේ ව්‍යාපෘතිය ලංකාව තුළත් ව්‍යාප්ත වෙමින් පවති.තමන් විසින්ම සිදු කර ගන්නා මෙම ක්‍රියාව “ice bucket challenge” ලෙස හදුන්වන අතර එය ස්නායු රෝගීන් සදහා වන අරමුදලට මුදල් එක්රැස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනකි.

ලංකාවේ ගායකයෙකු වන ඉරාජ් වීරරත්නට මේ අභියෝගය ලැබීමෙන් පසු ඉරාජ් ලංකාවේ තවත් කිහිපදෙනෙකු ඊට නම් කරයි.

ඒ ඔටාරා ගුණවර්ධන, මල්ෂා කුමාරතුංග සහ තනූජා ජයවර්ධනයි. මේ අතරින් මීට සුළු මෙහොතකට පෙර ඔටාරා සිය Facebookපිටුවෙන් තමාට ලැබුණු අභියෝගය භාර ගෙන ඇත.

පසුගිය ජුලි 15 වනදා මෙම වැඩසටහන ඇරඹි අතර එය ආරම්භ කළේ ඇමරිකානු ගොල්ෆ්ක්‍රීඩයෙක් විසින්. “ice bucket challenge” හි නීති පද්ධතියට අනුව මුලින්මඅභියෝගය භාරගෙන අයිස් වතුර බාල්දියකින් නාන පුද්ගලයා පැය 24 ක් තුළ තවත්පුද්ගලයෙකු නම් කළ යුතුවෙයි.එලෙස පුද්ගලයෙකු නම් කිරීමට හෝ එම අයිස් වතුරෙන් නෑමේ අභියෝගය සම්පුර්ණ කරගැනීමට නොහැති වුවහොත් එම පුද්ගලයා විසින් ස්නායු රෝගී අරමුදලට ඩොලර් 100 කමුදලක් තැන්පත් කල යුතු වෙයි.එම “ice bucket challenge” එක සම්පුර්ණ කර තමන් විසින්ම (අයිස් වතුරබාල්දියකින් නාගෙන ) එය යු ටියුබ් වීඩියෝවක් ලෙස පළ කර පැය 24 ක් තුළ මීළගඅභියෝගකරුවා නම් කළ හොත් එම පුද්ගලයා පෙර කී අරමුදලට ඩොලර් 10 ක් යොමු කළයුතුය.

Rate this item
(3 votes)
Last modified on Thursday, 21 August 2014 11:55