May 13, 2024

පැරදුනොත් හරීන්ට "විපක්ෂනායක ධූරයත් නෑ"

හරීන් ප‍්‍රනාන්දු මහතාට ඌවේ විපක්ෂ නායකකමවත් නොලැබෙන බවත් විපක්ෂ නායකධුරය ලැබෙන්නේ බදුල්ලේ එ.ජා.ප කණ්ඩායම් නායකයාට බවත් ශී‍්‍ර.ලං.නි.ප භාණ්ඩාගාරික, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ පසුගියදා බුලත්සිංහල නගර සභා ශ‍්‍රවනාගාරයේදී පැවති ශී‍්‍රලංනිප නියෝජිත සම්මේලනයට සහභාගී වෙමිනි.

‍"මේ වනවිට විපක්ෂය ඌවෙ පරාජය පිළිබදව කරුණු එකතු කරනවා. බදුල්ලෙන් මන්ත‍්‍රී ධූර හයක් අඩු කරලා මොණරාගලට එකතු කළා කියාවි. හොර ඡන්ද  පිළිබඳව 18 වන සංශෝධනය වගේ දේවල් කථා කරාවි. රාජ්‍ය දේපල පාව්ච්චි කලා කියාවි. හරින් ප‍්‍රනාන්දු මහත්තයට අවම වශයෙන් ඌවෙ විපක්ෂ නායක කමවත් ලැබෙන්නේ නෑ. ඔහුට බොහෝදුරට විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය ලැබේවි. විපක්ෂ නායක ධුරය ලබා දෙන්නේ කාටද කියල තීන්දු කරලා ඉවරයි. ඒ බදුල්ලේ එජාප කණ්ඩායම් නායකයා. අද අපට හිතෙන්නේ එක්සත් ජාතික පක්ෂයට ඉබෝලා වෛරසය වැලදිලා කියලයි." හෙතෙම පෙන්වා දුන්නේය. 

"දේශපාලනය, දේශපාලනඥයා සම්බන්ධයෙන් සමාජයේ විවිධ මත තිබෙනවා. සමහර දේශපාලනඥයින් සමාජය සැකකරනවා. ඇතැම් දේශපාලනඥයන් චෞරයන් බව සමාජය කියනවා. තක්කඩියන් බවත් කියනවා. තමන් බලයට පත් කරපු ජනතාව අමතක කරන බවත් කියනවා. මේ තත්ත්වය සමාජයේ නිල් පාට, කොළ පාට, රතු පාට වශයෙන් වෙනස් වන්නේ නැහැ. දාස හපුවලානේ, අංජන ඉන්දජිත්, එමි.ඩී.වීරරත්න මහත්වරුන් දේශපාලනඥයා අදින්නෙ කොහොමද? කියලා අපි උදේට දකිනවා. එක්කෝ මදාවියෙක් විදියට, නැතිනම් මහජන දේපළ කොල්ලකමින් ඉන්න චෞරයෙක් විදියට අදිනවා මේක සමාජයේ ජනප‍්‍රිය මතයක් අපි කාටුන් ශිල්පීන්ට දොස් කියලා වැඩක් නෑ. දේශපාලනයට ආපු කීපදෙනෙක් නිසා අපිට අන්වර්ථ නම් පට බැදිලා තිබෙනවා." යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

                           

 

                                                               

Rate this item
(0 votes)