May 12, 2024

මේ සිංහලයාගේ අවසන් සියවසයි

රටේ දරුවන්ගේ ජනගහනය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවත්, ඒ අනුව මෙරට සිංහල ජනතාව බහුතරයක් ලෙස ජීවත්වන අවසන් සියවස මෙය වන බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට සමස්ත ජනගහනයේ අඩුවීමට සාපේක්ෂව සිංහල ජනතාවගේ ජනගහන වර්ධනයේ ශීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබීමත්, නැවත සිංහල ජනගහනය දෙගුණයක් වීමට වසර 160 ක් ගතවීමත් මීට හේතුවන බවයි.

පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ප්‍රංශයේ ශ්‍රී ලංකා අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජීය සංවිධානය මෙහෙය වූ වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් මෙම අදහස් පළ විය.

අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරටතුළ පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා ලබා දීමේදී ජාත්‍යන්තර පාසල් හා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබූ අයට ප්‍රමුඛතාව ලබාදෙන බවට සමාජයේ ප්‍රවණතාවයක් දැකිය හැකි බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 August 2014 10:25