May 13, 2024

හසිත මඩවල ඝාතන නඩුවෙනුත් විනිසුරුවරියට ඉවත්වෙන්න කියලා

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනය සම්බන්ධ නඩුව තමා යටතේ විභාගයට නොගන්නා බව ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය ඊයේ (20) දැනුම් දී තිබේ.

මෙම නඩුව විභාග කිරීමට වෙනත් විනිසුරුවරයකු පත් කරන බව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා දන්වා ඇතැයි මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළාය.

වෙනත් විනිසුරුවරයකු පත් කරන තෙක් තමා නඩුව කැඳවීම පමණක් කරන බව මහාධිකරණ විනිසුරුවරිය පැවසුවාය.

Rate this item
(0 votes)