May 12, 2024

සෝභිත හිමිගේ ජනපති අපේක්ෂකයා ස්ථිරයි

ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අවසන් එකඟතාවකට එළඹි බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ අවධාරණය කරයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන්න තේමා කරගනිමින් මෙම වැඩපිළිවෙල දියත් කරන බවත් සඳහන්.

කෝට්ටේ ශ්‍රී නාග විහාරයට රැස්වූ ක්‍රියාකාරී කමිටු රැස්වීමේදී මෙම තීරණයට එළඹි බව උන්වහන්සේ සඳහක් කරයි.ඒ අනුව මේ මස 26 වැනි දින මහනුවර නගරයෙන් ආරම්භ වන ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකින් පසුව දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන අයුරින් සම්මන්ත්‍රණ පැවැත්වීමටත්, ආගමික නායකයන්, දේශපාලන පක්ෂ, කලාකරුවන්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති, ධීවර, ගොවි, ශිෂ්‍ය සංවිධාන, තරුණ සංවිධාන ඇතුළු සියලුම සංවිධාන සමග කඩිනමින් සාකච්ඡා කිරීමටත් තීරණය කළ බව සෝභිත හිමියෝ ප්‍රකාශ පෙන්වා දෙයි.

බෙදී, වෙන් වී, වෙන් වෙන්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ජයග්‍රහණයක් ලැබීම අසීරු බැවින් ඒ සඳහා සියලුම දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සමග පොදු එකඟතාවකට එළඹීමේ අවශ්‍යතාව දීර්ඝව සාකච්ඡා කළ බවද උන්වහන්සේ අවධාරණය කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 August 2014 09:50