May 13, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

පිටිගල බසයක් පෙරලී 14ක් රෝහලට

පිටිගල වැයිහේන ප‍්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අවමංගල්‍ය පෙරහැරක ගමන් කරමින් තිබූ බස් රථයක් මාර්ගය ආසන්නයේ තිබූ ප‍්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
 
අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 44 දෙනෙකු එම බස් රථයේ ගමන් කළ බව වාර්තා වේ. තුවාල ලැබූවන් ඇල්පිටිය රෝහලට ඇතුළත් කෙරුණු අතර, බරපතළ තත්ත්වයේ පසුවූ පුද්ගලයෙකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.
Rate this item
(0 votes)
Last modified on Thursday, 21 August 2014 07:17