May 14, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

සෞඛ්‍ය ගැටලු විසදන්න ජනපතිගෙන් නියෝග

සෞඛ්‍ය වෘත්තීය සමිති ගැටලූ සම්බන්ධයෙන් සොයාබලා ඒවා විසඳීමට කඩිනමින් පියවර ගන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ. සෞඛ්‍ය ශ්‍රේණි 27ක් නියෝජනය වන පරිදි ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව ඉදිරිපත් කළ යෝජනා 5ක් සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී ඊයේ (20) පස්වරුවේ පැවැත්විණි. 
 
ඒ අනුව ගැටලුවලට අදාළ විසඳුම් සකස් කර මාස 3ක් ඇතුළත ඒවා කි‍්‍රයාත්මක කරන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුදර්මා කරුණාරත්න , මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් පී.බී. අබේකෝන් යන මහත්ම මහත්මීන් ද සහභාගි වී සිටියා. 
Rate this item
(0 votes)