May 13, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

පෙර පාසල් පාලිකාවන් ඇගයිමට ලක්කරමින් උපහාර තිළිණ

සෑම පෙර පාසල් ගෙවත්තකම වගාවෙන් ස්යංපෝෂිත  ගෙවත්තක් කිරිමේ ජාතික උත්සවය හා උතුරුමැද පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවිය අන්තර් ජාලයට එක් කිරිම ඊයේ(20) ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදි සිදු කෙරිණ. 
 
මේ අනුව මධ්‍ය නුවර ගම්පලාතේ මහ බුලන්කුලම නිග්‍රෝධ පෙර පාසලේ සහ නාච්චාදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් නෙළුබෑව පෙර මග පෙර පාසල් ගෙවතු වල පැල රෝපණය කිරිම සිදු විය.එහිදි එම පෙර පාසල් දු දරුවන් හා දෙමාපියන් සමග සුහද පිළිසදරක නිරිත වු  ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු මැතිඇමතිවරුන් ඔවුන්ගේ අවශ්‍යතාවන් පිළිබදව සාකච්චා කෙරිණ.
 
මෙහිදි උතුරුමැද පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවිය අන්තර් ජාලයට එක් කිරිමේ උත්සවය උතුරුමැද පළාත් සභා ශ්‍රවනාගාරයේදි පැවැත්විය.උතුරුමැද පළාතේ පෙර පාසල් සදහා ඩෙස් පුටු ලබා දිම වෙනුවෙන් රුපියල් ලක්ෂ හැත්තෑවක(70.00000)පමණ මුදලක්  ලබා දිමට පියවර ගෙන ඇති බවත්  පුර්ව ළමාවිය සංවර්ධන අධිකාරියේ ශේෂ්ත්‍ර නිළධාරින් සදහා යතුරු පැදි ප්‍රධානය කරනු ලබන බවත් එහිදි අවධාරනය කළේය.
 
මෙම උත්සවයේදි  වසර දිර්ග කාලයක් පෙර පාසල් ගුරු වරුන් ලෙස සේවය කළ පෙර පාසල් පාලිකාවන් ඇගයිමට ලක්කරමින් උපහාර තිළිණද ප්‍රධානය කළේය.මිට අමතරව  උතුරුමැද පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජයලත් ඉලංගකෝන් මහතා විසින් ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙත උපහාර තිළිණයක්ද ප්‍රධානය කළේය.
 
එම උත්සවයෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිළිකා වාට්ටු ඒකකය හා වකුගඩු ඒකකයේ නිරික්ෂණ චාරිකාවක නිරිතවු  ශිරන්ති රාජපක්ෂ මහත්මිය රෝගින්ගේ සුවදුක් විමසුවාය.මිට සමගාමිව ළමා සැන කෙළියක් අනුරාධපුර මහජන ක්‍රිඩාංගනයේදි සිදු කරන ලදි.
 
උතුරුමැද පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු පිළිබද ඇමති කේ.එච් නන්දසේන මහතාගේ ආරාධනයෙන්  ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයන් සදහා උතුරුමැද පළාත් ප්‍රධාන ඇමති එස්.එම් රංජිත් සමරකෝන්,වාරිමාර්ග හා ජලකළමණා කරන නි‍යෝජ්‍ය  ඇමති ඩබ්ලිව්.බි ඒකනායක යන මහත්වරු ඇතුළු පළාත් සභා මන්ත්‍රිවරුන් ප්‍රමුඛ රාජ්‍ය නිළධාරින් රැසක් එක්වුහ. 
 
අමිල ප්‍රභාත් වනසිංහ
Rate this item
(0 votes)