May 13, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

නුතන යෝග ශාස්ත්‍රයේ පියා මිය යයි

නවීන යෝග ශාස්ත්‍රයේ පියා ලෙස බොහෝ දෙනා විසින් සලකනු ලබන බී කේ එස් ලියෙන්ගාර් අභාවප්‍රාප්ත වේ.
 
යෝග ශාස්ත්‍රයේ ලියෙන්ගාර් ආරේ ක්‍රම වේදය ලොව ප්‍රචලිත කිරීම පිණිස එහි භාවිතය පිළිබඳව ග්‍රන්ථ ගණනාවක් රචනා කළ ඔහු ගේ නම වසර දහයකට පෙර ටයිම්ස් සඟරාව පලකළ ලොව පුරා වඩාත්ම බලපෑමක් ඇතිකළ පුද්ගලයන් සියදෙනා ගේ නම් ලැයිස්තුවට ද එක වී තිබුණි.
 
එමෙන්ම lyengar යන වචනය ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය ට එක්කොට ඇත්තේ ද යෝග විශේෂයක් යන තේරුම ඇතිවය.
 
දශක අටක කාලයක් යෝග ශාස්ත්‍රය ප්‍රගුණ කළ ලියෙන්ගාර් පසුගිය වසරේ දැඩි ලෙස රෝගාතුර වන තුරුම පැය භාගයකටත් වඩා කාලයක් ඔළුවෙන් සිටගෙන සිටීමට සමත්කමක් දැක්වීය.මිය යන විට ඔහු ගේ වයස අවුරුදු 95 ක් වූ බවයි පැවසෙන්නේ.
(BBC)
Rate this item
(0 votes)