May 13, 2024

රට වටේ අධිවේගී වුනත් ගම වටේ මෙහෙමයි

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ඡන්ද කොටිඨාශයේ මෙතෙක් බලධාරින්ගේ අවධානයට යොමු නොවුව පායින්වත් ගමන් කළ නොහැකි මාර්ගක් හේතුවෙන් එහි ජනතාව පීඩාවට පත්ව සිටී.

දිනේන දින අධිවේගී මාර්ග ඉදිවෙද්දි අසරන ජනතාවගේ සිය ජීවනෝපායන් සඳහා මහත් අත්‍යවශ්‍යව පවතින මෙම මාර්ග පිළිසකර කිරීමට බලධාරින්ගේ අවධානය යොමු නොවිම පුදුම සහගතය.

පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් ගල්කඩුව හංදියේ මාරගහදෙනිය කල්ලුමලේවත්ත පාර මෙසේ මේ වන විට පයින්වත් ගමන් කිරිමට බැරි තත්ත්වයට පත්ව අබලන් වී ඇත්තේ මේ දුප්පත් ජනතාවගේ දෙපයට පෑගිමෙන්ද?.

මෙහි ප්‍රදේශවාසින් බොහෝ වාරයක් ප්‍රදේශිය ලේකමි කාර්යාලයටත් අදළ විෂයභාර ආමාත්‍යවරයාටත් දන්වා සිටියද මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබි නැත.

වැසි සමයට මෙම මාර්ගය භාවිතා කිරීමේ කිසිදු හැකියාවක් නොමැති වීමද මෙහි වෙසෙන ජනතාවට ඇති ප්‍රබලම බාධකයයි.

Rate this item
(0 votes)