May 13, 2024

මුස්ලිම් පාසලේ විදුහල්පති සිසු ගැටුම කලක පටන් තිබූ ආරවුලක් (UPDATE)

නාත්තන්ඩිය කොට්ටරාමුල්ල අල්හීරා මහා විදුහලේ විදුහල්පති මොහොමඩ් ස්මයිල් මහතාට අද පෙරවරුවේ ළමුන් පිරිසක් විද්‍යාලය තුළ දී පහර දී ඇත.

මේ පිළිබදව විදුහල්පතිවරයා කොස්වත්ත පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ළමුන් හයදෙහෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර ඉන් තිදෙනෙකු මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කලක පටන් පැවති ආරවුලක් මත අද පෙරවරුවේ සැලසුම් සහගතව මෙම පහරදීම තමනට සිදු කළ බව විදුහල්පති මොහොමඩ් ස්මයිල් මහතා පවසයි.

විද්‍යාලයේ ආපන ශාලාව ආසන්නයේදී මෙම පහරදීම සිදුව ඇති අතර නියමිත විවේක කාලයෙන් භාහිරව ආපන ශාලාවේ රැදී සිටීම පිළිබද විදුහල්පතිවරයා විසින් ළමුනට අවවාද කිරීම පහර දීමට ආසන්නතම හේතුව බවයි වාර්තා වුණේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 August 2014 17:30