May 13, 2024

ලොව සුපිරි සල්ලිකාරයෝ එක දිගට ඇදගෙන නා ගනී (Video)

මේ දිනවල ලොව සුපිරි ධනවතුන් අතර ඇදගෙන නා ගැනීමේව්‍යාපෘතියක් ජනප්‍රිය වෙමින් පවතී.තමන් විසින්ම සිදු කරගන්නා මෙම ක්‍රියාව “ice bucket challenge” ලෙස හදුන්වන එය ස්නායු රෝගීන් සදහා වන අරමුදලට මුදල්එක්රැස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනකි.

පසුගිය ජුලි 15 වනදා මෙම වැඩසටහන ඇරඹි අතර එය ආරම්භ කළේ ඇමරිකානු ගොල්ෆ්ක්‍රීඩයෙක් විසින්. “ice bucket challenge” හි නීති පද්ධතියට අනුව මුලින්මඅභියෝගය භාරගෙන අයිස් වතුර බාල්දියකින් නාන පුද්ගලයා පැය 24 ක් තුළ තවත්පුද්ගලයෙකු නම් කළ යුතුවෙයි.එලෙස පුද්ගලයෙකු නම් කිරීමට හෝ එම අයිස් වතුරෙන් නෑමේ අභියෝගය සම්පුර්ණ කරගැනීමට නොහැති වුවහොත් එම පුද්ගලයා විසින් ස්නායු රෝගී අරමුදලට ඩොලර් 100 කමුදලක් තැන්පත් කල යුතු වෙයි.එම “ice bucket challenge” එක සම්පුර්ණ කර තමන් විසින්ම (අයිස් වතුරබාල්දියකින් නාගෙන ) එය යු ටියුබ් වීඩියෝවක් ලෙස පළ කර පැය 24 ක් තුළ මීළගඅභියෝගකරුවා නම් කළ හොත් එම පුද්ගලයා පෙර කී අරමුදලට ඩොලර් 10 ක් යොමු කළයුතුය.මෙම “ice bucket challenge” භාරගත් සුප්‍රසිද්ධ පුද්ගලයන් ලෙස වාර්තා වුයේ ලොවසුපිරි ධනවතා ලෙස සඳහන් වෙන Bill Gates, Facebook නිර්මාණකරු වන mark zuckerberg, Justin Bieber, Selena Gomez , සුපිරි පාපන්දු ක්‍රීඩකCristiano Ronaldo වැන්නවුන්ය.අලුතෙන්ම නාගැනීම සිදුකර ඇත්තේසුපිරි ගායිකා Jenifer Lopez විසින් බවදවාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 August 2014 16:20