May 13, 2024

ඇමෙරිකානු මාධ්‍යවේදියාගේ හිස ගසා දැමු ඉස්ලාමීය අන්තවාදීන්

ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන්ගේ ක්‍රෑරත්වය නැවත වරක් ලෝකය ඉදිරියේ සපථ කරමින්, ඔවුන්ගේ අත්අඩංගුවේ පසුවූ ඇමෙරිකානු මාධ්‍යවේදියෙකුගේ හිසගසා දමන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුසුකර ඇත.ප්‍රංශ පුවත් සේවයේ හා ඇමෙරිකානු ග්ලෝබල් පෝස්ට් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ජේම්ස් ෆෝලේ නැමැත්තා මෙසේ හිස ගසා මරා දමා ඇතිබව මේ වනවිට පෙන්ටගනයද තහවුරු කර තිබේ.

ඉස්ලාම් රාජ්‍යය වෙත ඇමෙරිකාව විසින් එල්ල කරන ප්‍රහාරවලට කරන පළිගැනීමක් ලෙස මොහු ඝාතනය කර ඇමෙරිකාවට තර්ජනාත්මක පණිවුඩයක් ලබාදෙන බවද එම ඝාතකයා පවසා තිබේ.

2012 වසරේදී සිරියාවේ ගැටුම් වාර්තා කරමින් සිටින අතරතුර ජේම්ස් ෆෝලේ අතුරුදන්වූ අතර, අවස්ථා කිහිපයකදී ඔහු බේරාගැනීම වෙනුවෙන් සාකච්ඡා පැවතියත් ඒවා නිරර්ථක වී ඇති අතර, වසර කිහිපයකට පසු ඔහුව ඝාතනය කරන වීඩියෝවත් සමග ෆෝලේ පිළිබඳ කතාබහ නැවතත් කරළියට පැමිණ තිබේ.(උපුටා ගැනිම "අද" )

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 20 August 2014 15:21