May 13, 2024

පෙර වැරදි කළත් දැන් වැරදි කරන්නෑ - සැමියා ගැන බිරිඳ කියයි

තඹුත්තේගම මූලස්ථාන පොලීසියේ නිළධාරීන් දෙදෙනෙකු මාංචු කුට්ටමකින් තම සැමියාගේ හිසටපහර දී තුවාල සිදු කර අත්අඩංගුවට ගත් බව කියමින් පහර කැමට ලක්වූ පුද්ගලයාගේ බිරිද උතුරු මැද පළාත භාර ජ්‍යොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා හමුවී ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පොලිස් පහර කෑමට ලක්ව ඇත්තේ ඉන්දික සැනෝර් යන කොන්දොස්තරවරයායි. සැමියාට පහර දුන් බව කියමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ අංක 799, තඹුත්තේගම තම්මැන්නාගම ලිපිනයෙහි පදිංචි එක්දරු මවක වන ජී.එස් චමිලා නන්දනී යන අයයි.තම ස්වාමි පුරුෂයා කොන්දොස්තරවරයෙක් වශයෙන් පුද්ගලික බස් රථයක සේවය කරන බවත් ඉකුත් 17වැනි දින සවස 05.00ට පමණ තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයේ ඥාතිනිවසකට යෑම සදහා පිටත්ව ගිය බවත් එම අවස්ථාවේදී තඹුත්තේගම පොලීසියේ සේවය කරනසිවිල් ඇදුමකින් සැරසුන නිළධාරීන් කියන පුද්ගලයින් දෙදෙනකු සැමියා සන්තකයේ හෙරොයින් මත්කුඩු ඇතැයි පවසමින්, ඒවා ලබා දෙන ලෙස බළ කරමින් පහර දුන් බව පැමිණීලේලේ සදහන් කර තිබේ.

පහර දෙමින් පොලිස් නිළධාරීන් දෙදෙනා සතුව තිබූ මාංචු කුට්ටමකින් තම සැමියාගේ හිසට ගසා තුවාල සිදු කළ බවද චමිලා නන්දනී මහත්මිය ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කර තිබේ.එදින රාත්‍රී 09.00ට පමණ සැමියාට වමනය හා ක්ලාන්ත ගතියක් ඇති වී තඹුත්තේගම මූලික රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කළ බවත්, ඇදුම රෝගියකු වන තම සැමියා විසින් මින් පෙර වැරදි සිදු කළ නමුත් දරුවා ලැබීමෙන් පසු වැරදි සිදු නොකරන බැවින් මේ පිළිබදව සොයා බලා සාධාරණයක් ඉටු කර දෙන ලෙසද ලිඛිත පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 August 2014 15:56