May 20, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

හැටන් නුවරඑළිය මාර්ගයට නව දුම්රිය උමං මාර්ගයක්

හැටන් නුවරඑළිය A7 ප‍්‍රධාන මාර්ගයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු වලට සමගාමීව හැටන් කොටගල පතන ප‍්‍රදේශයේ නව දුම්රිය උමං මාර්යක් සඳහා ඉදිකිරීම් කටයුතු ආරම්භකර තිබේ. 
 
දැනට එම මාර්ගයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු 90% ක් අවසන්වී ඇති අතර දැනට තිබෙන දුම්රිය උමං මාර්ගයේ විශාල කන්ටේනර් රථ ධාවනය කිරීමට නොහැකි තත්වයක් පවතින නිසා නව දුම්රිය උමං මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කළ බවයි එම මාර්ගයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු භාරව තිබෙන කොන්ත‍්‍රාත්කාර සමාගම පැවසුවේ. 
 
කොළඹ සිට දැනට නුවරඑලිය දක්වා ධාවනය කරවන විශාල කන්ටේනර් රථ ගම්පොළ පුස්සැල්ලාව මාර්ගයෙන් නුවරඑළියට පිවිසෙන අතර එම දුම්රිය උමං මාර්ගය ඉදිකිරීමෙන් පසුව කොළඹ සිට හැටන් මාර්ගය ඔස්සේ කෙටි කාලයක් තුල කන්ටේනර් රථ වලට නුවරඑළිය දක්වා ධාවනය වීමට හැකියාව උදාවනු ඇත. එම දුම්රිය උමං මාර්ගය තනි කළු ගලක් විද ඉදිකිරීම් කටයුතු ආරම්භකර තිබෙනවා.
 
හැටන් රංජිත් රාජපක්ෂ
Rate this item
(0 votes)