May 20, 2024

ළඟදීම නිදහස් අධ්‍යාපනයෙන් ලිංගික අධ්‍යාපනය

ලිංගිකඅධ්‍යාපනය පාසල්වල 10වසරේ සිට විද්‍යා විෂය යටතට ගෙන ඉගැන්වීමට පියවරගන්නැයි ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය අධ්‍යාපනඅමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවට වාර්තා වෙයි.

මෙමඉල්ලීම් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ලිංගික අධ්‍යාපන විෂයපාඨමාලාවේ විද්‍යා විෂය යටතේ ඉගැන්වීම සම්බන්ධව කටයුතු සම්පාදනය කරමින්පවතින බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍යසිසිර ලියනගේ මහතා පවසයි.

ඉහළ පන්තිවලසිසුන්ට ඒඩ්ස් රෝග තත්ත්වය හා ලිංගික අධ්‍යාපනය පිළිබඳව අවබෝධයක් ලබාදීමමඟින් ලිංගික සම්බන්ධතා, ගැබ් ගැනීම් හා සමාජ රෝග වළක්වා ගැනීම පිළිබඳවයථාවබෝධයක් ලබාගත හැකි බවද ඒ මහතා සදහන් කරයි. ඉහළ පන්තිවල සිසුන්ට සෞඛ්‍යවිෂය යටතේ දැනට උගන්වන, මීට අදාළව ලබා දෙන දැනුම හා අවබෝධය කිසිසේත්ප්‍රමාණවත් නැතැයි ද වෛද්‍ය සිසිර ලියනගේ මහතා පෙන්වා දෙයි.

මෙමවිෂය කරුණු පිළිබඳව දැනටමත් සෞඛ්‍ය ඇමැතිවරයා සහ අධ්‍යාපන ඇමැතිවරයා අතර දසාකච්ඡා පවත්වා අදාළ කරුණු අවධානයට යොමුකර තිබෙන බව ද වෛද්‍ය ලියනගේ මහතා අවධාරනය කරයි.

පසුගිය කාලය පුරාවටමශී‍්‍ර ලංකාව නිවැරදි ලිංගික අධ්‍යාපන ක‍්‍රමවේදයක් නොමැතිවීම නිසාඅත්විදි ප‍්‍රතිවිපාක ඉතාමත් බරපතල බව සංඛ්‍යා ලේඛන අධ්‍යනය කිරීමෙන්පෙනීයන බවද සඳහන් වෙයි.

Rate this item
(0 votes)