May 20, 2024

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරුට රතුගමගේගෙන් රතු එළියක්

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු වන සුනිල් ජයසේකරව මරා දමන බවට වව්නියාව මාධ්‍යවේදී දිනසේන රතුගමගේ විසින් දුරකතනය ඔස්සේ කීපවරක්ම තර්ජනය කළ බව පවසමින් සුනිල් ජයසේකර විසින් තලංගම පොලීසියට පැමිණිලි කොට තිබේ.

පැමිණිල්ලට අදාලව පරීක්ෂණයක් පැවැත් වීමට දිනසේන රතුගමගේට 19 වෙනිදා දහවල් තලංගම පොලීසියට පැමිණෙන ලෙස පොලිස් පණිවුඩයක් වවුනියාවට යවා ඇතත් ඔහු පැමිණ නොමැත.

ඒ පිළිබඳව පොලිසිය  කළ විමසීමකදී රතුගමගේ පවසා ඇත්තේ දින කීපයක් ඔහු නියමිත ලිපිනයේ පදිංචිව නොසිටි නිසා පණිවුඩය ප්‍රමාද වීම හේතුවෙන් පොලීසියට යාමට හැකියාවක් නොලැබුණු බවයි.

සුනිල් ජයසේකර සහ දිනසේන රතුගමගේ වසර කීපයක සිට ඉතාම සමීප මිතුරන් බැවින්මේ පිළිබදව රතුගමගේ සුනිල් ජයසේකරගෙන් කරුණු විමසා තිබේ.ඔහු පවසා ඇත්තේ තමන්ට තර්ජනය කරමින් දුරකතන ඇමතුම් ලබුණු අංකය මෙයම බවත් එම අංකය රතුගමගේගේ අංකය වශයෙන් තම දුරකතනයේ සටහන් කරගෙන නොමැති බවයි.

කෙස් වෙතත් රතුගමගේට තමන් වෙත මෙවැනි තර්ජනයක් කිරීමට කිසිදු හේතුවක් නොමැති බවද සුනිල් ජයසේකර පෙන්වා දෙයි. මෙම ගැටළුව පිළිබඳව සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගැනීමට බලාපොරොත්තු වන බවයි අප කළ විමසීමකදී වව්නියාව මාධ්‍යවේදී රතුගමගේ සඳහන් කළේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 20 August 2014 10:02